Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩීසල් සහ පෙට්‍රල් වලට අපමණ අගය ලැබෙයි : වාර්තා පොත් අලුත් වෙයි

ලංකා IOC ඩීසල් රුපියල් 75කින් සහ පෙට්‍රල් රුපියල් 50කින් ඉහළ දමයි

ලංකා IOC සමාගම මාර්තු 10 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියලු වර්ගවල ඩීසල් ලීටරයක් සියයට 54කින් එනම් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් සියයට 12කින් එනම් රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක් නව මිල රුපියල් 214ක් ද පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් ද ලෙසයි දැක්වෙන්නේ.

මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර ලංකා ඉතිහාසයේ ඉන්ධන සඳහා නියමවූ ඉහළම මිල ලෙසයි වාර්තාගතවන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC සමාගම සඳහන් කළේ, රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම මත ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි.

About The Author