Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමතිගේ පක්ෂ කාර්යාලයේ ලයිට් බිල කෝටිය ආසන්නයේ රැවිලි ගෙරවිලි කැපිලි නෑ තවම රජ ගමනේ

කෙහෙළිය අංක දෙක වෘත්තිය සමිති හෙළි කරයි

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ලක්ෂ 97 ක විදුලිය බිලක් ගෙවීම් පැහැර හරිමින් සිටින බව වාර්තා වනවා.

ඩග්ලස් දේවානන්ද ගේ නමින් ගෙවීමට ඇත්තේ, යාපනයේ පිහිටි ඊපීඞීපී පක්ෂ කාර්යාලයේ විදුලිය බිලයි.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා මෙම කරුණු හෙළිකර තිබෙනවා.

මෙතරම් දැවැන්ත හිග විදුලි බිලක් තිබියදීත් මෙතෙක් එම ස්ථානයේ විදුලිය විසන්ධි නොකිරීම පුදුමයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට පෙර ඔහු විසින් කිරුලපන පිහිටි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ ද රුපියල් කෝටිය ඉක්මවූ නොගෙවන ලද විදුලි බිල්පත් පිළිබඳ කරුණු මාධ්‍යට හෙළි කරනු ලැබුවා.

About The Author