යුක්රේන යුද්ධය නිසා තෙල් අර්බුදය වැඩි වෙලා
ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදය ඉදිරි දින දෙක තුළ විසඳන බව අභිනවයෙන් බලශක්ති අමාත්‍ය ධුරයට පත් ගාමිණී ලොකුගේ මහතා සහතික වනවා.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට සියලුම ඉන්ධනහල්වල අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් තොග පවතින බවයි.
වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබාගෙන බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව සඳහන් කළ ඔහු හෙට (09) හෝ අනිද්දා බෙදා හැරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.
බෙදා හැරීමෙන් පසු හෙට හෝ බ්‍රහස්පතින්දා (10) වන විට ඉන්ධන පෝලිම් සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇතැයි අමාත්‍ය ලොකුගේ මහතා වැඩිදුරටත් පැවසුවා.
ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ඉන්ධන මිල පිළිබඳව අදහස් දක්වමින් ඔහු අනාවරණය කළේ ප්‍රධාන වශයෙන්ම යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඉන්ධන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.
“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) රුපියල් කෝටියකට අධික පාඩුවක් මේ නිසා විඳීමට සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
ඉන්ධන පිරවුම්හල්වල දැනට පවතින මිල අනුව ඩීසල් වලින් පමණක් ලීටරයකට රුපියල් 80ක පමණ පාඩුවක් රජයට දැරීමට සිදුව ඇති බවද සඳහන්.
සති අන්තයේ සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් බෙදා හැර ඇති බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් පෝලිම් නොමැති බවත්, පෙට්‍රල් 92 සහ 95 යන දෙකම බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පවතින බවත් සඳහන් කළා.
දැනට අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක වන සපුගස්කන්ද පිරිපහදුවේ ඉන්ධන නිෂ්පාදනය ඉහළ නැංවීමට ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.
ඩීසල් මෙට්‍රික් ටොන් 28,300ක් සහිත තවත් නෞකාවක් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඉන්ධන ගොඩබෑම අද ආරම්භ කිරීමට නියමිත බවත් ඔහු පැවසුවා.
එමඟින් ඉදිරි දින දෙක තුළ රට තුළ පවතින ඉන්ධන අර්බුදයට ස්ථිර විසඳුමක් ලැබෙන බව ද ලොකුගේ මහතා පෙන්වා දුන්නා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි