දැනටත් ඖෂධ 60ක හිඟයක්
රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම හිග ඖෂධ අතර ජීවිතාරක්ෂක ඖෂධ තුනක්ද ඇති බවයි වාර්තාවන්නේ.
හදවත් රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ මෙසේ හිඟතාවයක් ඇතිව තිබෙනවා.
ඖෂධ ආනයනය සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ණයවර ලිපි නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ නැවත ලියාපදිංචි කිරීම මෙන්ම නව ලියාපදිංචියේදී ඇතිවන ප්‍රමාදය ආදී කරුණු මෙම ඖෂධ සඳහා බලපා ඇති බවයි වාර්තාවන්නේ.
මෙම තත්ත්වය මත ඉදිරි සති දෙක කාලයේදී රජයේ රෝහල්වල ඖෂධ හිගය තවදුරටත් උත්සන්න වනු ඇති බවයි වාර්තා වන්නේ.
© Lanka C News


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට