සෞඛ්‍ය බලධාරීන් ඉල්ලයි
පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් එම ලක්ෂණ පහවූ පසු ඔවුන් පාසල්වලට යැවීමට මවුපියන් වගබලා ගත යුතු බවද ඔහු අවධාරණය කළා.
විශේෂයෙන් වයස 12 ට අඩු දරුවන් කොවිඩ් එන්නත්කරණයට භාජනය වී නොමැති බැවින් මවුපියන්, ගුරුවරුන්, පාසල් බස් රථ රියදුරන් , රිය සහායකයන් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම වැදගත් බව ද සඳහන් කළ දීපාල් පෙරේරා මහතා පාසල් තුළදී දරුවන් ඒකරාශීවීම වැළැක්වීමටද ගුරුවරුන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට