පිරිමින්ට නැති කොන්දක් ගෑණුන්ට තිබුණා
ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට ගොස් විරෝධතාවය පල කිරීමට සම්බන්ධ වූ තමා ඇතුළු කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට සැලසුමක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
රට තුළ පවතින සැබෑ ප්‍රශ්න පිළිබඳව රාජ්‍ය පාලකයන් ගෙන් ප්‍රශ්න කිරීමට ජනතාවට ඇති අයිතිය අනුව තමන් ඇතුළු කාන්තාවන් මෙම ස්ථානයට ගිය බවත් කිසිදු අයුරින් තමන් වරදක් නොකළ බවත් ඇය සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊට අමතරව අදාළ විරෝධතාවයන් පසු මාලඹේ පිහිටි තම නිවස අසලට පැමිණ යම් පිරිසක් විරෝධතාවය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් පල කළා.
ඇය පැවසුවේ රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සියල්ල අමතක කර ඒ ගැන පාලකයන් ගෙන් ප්‍රශ්න කළ යුතු නැතැයි පවසමින් තම නිවස වැටලූ පිරිස සැබෑම වහලුන් බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි