Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දඩ ගැසීමේ අළුත්ම කලාව : වරද කැමරාවෙන් : දඩ කොළේ තැපෑලෙන්

මාර්ග නීති සුරකින්න : ජන ජීවිත රැකගන්න රජය දුන් පොරොන්දුවක්

පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

මොටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා ශ්‍රී ලංකා පොලිසියේ CCTV අංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර ඔහු මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

2010 වසරේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී පොලිස් සීසීටීවී කොට්ඨාසය පිහිටුවීමට පියවර ගෙන තිබුණා.

අපරාධ වැළැක්වීම සහ අපරාධ සහ වෙනත් ක්‍රියාකාරකම්වලට අදාළ පරීක්ෂණ සඳහා සහාය වීම මෙම ඒකකයේ ප්‍රධාන අරමුණු වේ.

දැනට පවතින තාක්‍ෂණය අනුව රථවාහන සම්බන්ධ වැරදිවලට ​​එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඉතා දිගු කාලයක් ගත වන බැවින් මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ නිවෙස් වලට දඩ පත්‍රිකා යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33ක සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් මේ වන විටත් නිරීක්ෂණ රාජකාරි සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

About The Author