Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තෙල් අර්බුදයක් තිබුණේ නැහැ : දේශපාලන අත්දැකීම් නැති අය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කළා : අගමැති මහින්ද කියයි

මහින්දගේ ඡායාවට මුවාවී බොහෝ දෙනා දේශපාලනය කළා : නමුත් සාමූහිකත්වය නැත්තන් අයින් කරන්න වෙනවා : ඇමති ජොන්ස්ටන් කියයි

ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදයක් නොතිබූ බවත් දේශපාලන අත්දැකීම් නොමැති අයගේ ප්‍රකාශ හේතුවෙන් ජනතාව අනිසි ලෙස බියට පත් වූ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නැව් පවා ගෙනවිත් තිබූ අවස්ථාවක ඉන්ධන තොග සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ තමන් කණගාටුවන බවයි.

පැය විසි හතරකට පමණක් සරිලන ඉන්ධන සංචිත රට සතුව ඇති කාලයන් ද ඇතැම් විට පසුකර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඒ කිසිදු අවස්ථාවක ජනතාවගේ පිහිට අනවශ්‍ය බරක් පැටවීමට රජය කටයුතු නොකළ බව ද සඳහන් කළා.

කුරුණෑගල නාරම්මල මහජන පුස්තකාලය සහිත ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළ.

එහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සෙවනැල්ලේ සැඟවෙමින් ඇතැමුන් දේශපාලනය සිදු කළ බවයි.

කෙසේ වෙතත් සාමූහික හැඟීම් සහ වගකීම් වලින් තොරව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු රජයෙන් ඉවත් කිරීම වහා කළ යුතු බවත් එක් අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා තමන්ට අතිශයින්ම හිතවත් මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියආරච්චි‍ යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කොට ඒ පිළිබඳ ආදර්ශ සැපයූ බව ද සිහිපත් කළා.

About The Author