නිවස වටලා ජනතා ගැටළු වලට උත්තර ඉල්ලන බව කියයි
“ගෝඨාභය මර නින්දේ අපේ ළමයි බඩගින්නේ” යැයි පවසමින් කාන්තාවන් පිරිසක් මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවාස අසල විරෝධතාවයක නිරත වුණා.
එය සංවිධානය කර තිබුණේ සමගි ජනබලවේගය පක්ෂය විසින්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ සඳහා නායකත්වය ලබා දෙන අයුරු දක්නට ලැබුණා.
වර්තමාන පාලකයන් ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට රටේ කාන්තාවන් අභියෝග වලට මුහුණ පා ඇති බවයි විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ.
උද්ඝෝෂණය සඳහා පිරිස සමඟ ගමන් කරන අතරවාරයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම විරෝධතාවය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර තිබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට