හොරකමක් වෙලා නැද්ද එතකොට ඇහුවම ආණ්ඩුවෙන් ලැබුණු උත්තරේ මෙන්න
පසුගිය යහ පාලන සමයේ මහත් ආන්දෝලනයට ලක්වූ මහ බැංකුව මහ දවල් බිඳ දැමීමේ සිදුවීම හෙවත් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මංකොල්ල කන ලදැයි පවසන ලද මුදල් වලින් කොටසක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය අයවැයේදී රටේ ජාතික ආර්ථිකයට එක් කර ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
පසුගියදා Mee Massoo TV සමගින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තිස්ස කුට්ටිආරච්චි මහතා මෙම කරුණු හෙළි කළා.
බැඳුම්කර ගනුදෙනුව හරහා මහ බැංකුව මංකොල්ල කෑමට ලක්ව ඇති බව පවසමින් එවකට පැවති යහපාලන ආණ්ඩුවට විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල වුණා.
එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බරපතළ චෝදනා එල්ල වූ අතර මහ බැංකුව බැඳුම්කර සිද්ධියෙහි මහමොළකරු ලෙස පවා ඔහුට චෝදනා නැගුණා.
කෙසේ වෙතත් තමන් එම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් කිසිදු වංචාවක් සිදු නොවන අයුරින් අදාල ගනුදෙනුවේ මුදල් රාජ සන්තක කිරීමට පියවර ගෙන ඇති බවත් මහතා එම අවස්ථාවේදී සඳහන් කර නමුත් එයට නිසි අයුරින් සමාජ ගතවීමට ඉඩක් ලැබුනේ නැහැ.
කෙසේ වෙතත් පසුගියදා අධිකරණය විසින් මහ බැංකු බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් සාපරාධී චෝදනා එල්ල වී සිටී හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් නිදහස් කිරීමට ද පියවර කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහ ලංකාවේ ජනතාව නොමග යවමින් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදුකෙරෙන දේශපාලන චෝදනා නැගීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කෙරුණු අතර ඔහු සදහන් කළේ මෙරට දේශපාලනය පිළිබඳ කණගාටුවන බවයි.
වර්තමාන රජයට එල්ල වන චෝදනා මෙන්ම යහපාලන සමයේ පැවති රජයට එල්ල වූ චෝදනා පිළිබඳව ද මෙහිදී කතාබහට ලක් වුණා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි