Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වරාය නගරය ශ්‍රී ලංකාව සතුයි : ඇත්තේ ලංකාවේ නීතියයි

නගරයට යන්න සල්ලි ගෙවන්න ඕන නෑ – ජනාධිපති මාධ්‍ය අංශය කියයි

වරාය නගරය සහ අනාගත ආර්ථිකය මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකදී වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසුවේ වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක වන භූමියක් වන අතර එහි කළමනාකරණ කටයුතු සිදුකරන වරාය නගර ආර්ථික කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට, ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට යටත් බවයි.

ලංකාවේ ඕනෑම අයෙකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළු විය හැකි බවත් එය මහජනතාවට තහනම් කලාපයක් බවට වන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රියාත් බන්දු මහතා පවසනවා.

වරාය නගරය තුළ සේවය කිරීමෙන් මෙරට ජනතාවට විදේශ විනිමය උපයා ගත හැකි බවත් එහි සේවකයන්ගෙන් 25%ක් විදේශ ශ්‍රමිකයන් ලෙස රැකියා සඳහා ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

එමෙන්ම වරාය නගරය තුල මුදල් විශුද්ධිකරණය සඳහා ඉඩක් නොමැති බවද ඔහු සදහන් කළා.

About The Author