අර්බුදය තව තවත් නරක අතට
විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට විදුලි බලාගාර 08ක විදුලි නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට තිබෙනවා.
ඒ අනුව, මේ වන විට ඉන්ධන මගින් ක්‍රියාත්මකවන විදුලි බලාගාර අතුරින් ක්‍රියාත්මක වන්නේ සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යන බලගාර දෙක පමණක් බවයි වාර්තාවන්නේ.
විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර ඇති ආකාරයට අද (02) දිනය දක්වා විදුලි සැපයුමට අවශ්‍ය ෆර්නස් තෙල් ප්‍රමාණය ඝනමීටර් 1036 ක් වුව ද මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ ඝනමීටර් 716 ක් පමණයි.
නැප්තා ප්‍රමාණය ඝනමීටර් 950 ක් වුව ද මේ වන විට බලාගාර සතුව නැප්තා නොමැති බව ද විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.
අද දින දක්වා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් ඝණමීටර් 650 ක් පමණක් බවයි එහි ප්‍රකාශකයෙකු අප සමග පැවසුවේ.
පවතින මෙම තත්වය සැලකිල්ලට ගනිමින් අනිද්දා දිනයේ සිට දිනකට පැය 12 ඉක්මවූ විදුලි කප්පාදුවක් සඳහා යාමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම ප්‍රකාශකයා අප සමඟ සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා