සුනිල් අයියාත් එක්ක අවසන් ගමනට බන්දුල අයියාත් එක් වෙයි
ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට නවමු විප්ලවීය ප්‍රවේශයක් එක් කළ අද්විතීය පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ අභාවය පිළිබඳ පුවතෙහි උණුසුම මැකීයාමටත් පෙර තවත් ජෙෂ්ඨ මාධ්‍යවේදියෙකු තම දිවිගමන නිම කර තිබෙනවා.
ඒ ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතායි.
කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තාවන්නේ.
මුද්‍රිත මාධ්‍ය තුළ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටුකළ පද්මකුමාර මහතා ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළා.
ඔහු වඩාත් ජනාදරයට පාත්‍ර වුයේ ඔහුගේ අදහසකට අනුව ඉදිරිපත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ මුල් පිටුව වැඩසටහන හරහායි.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !