Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගුවන් විදුලියට ආයෙත් හොරු පැනලා – ආයතන ප්‍රධානීන්ටත් චෝදනා

මිල කළ නොහැකි පියානෝ හොරකම මැකී යන්නට පෙර තවත් උපකරණ හොරකම් කරලා – පොලිස් පරීක්ෂණත් මන්දගාමීයි

ශ්‍රී ලංකාවේ සංස්ථාවේ දේපල එකිනෙක අස්ථානගත වීම සහ සොරාගැනීම සිදුවීම් රැසක් පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වුණා.

ශ්‍රි ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල සුරක්ෂිතව තබා තිබූ වෙළෙද පොළේ මිළ අධික වටිනාකමකින් යුත් මරාන්ට්ස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රයක් සොරකම් කිරීම එහි ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා වාර්තා වුණා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කොළඔ ප්‍රධාන කාර්යාලයේ තිබූ ඉපැරණි මිළ අධික වටිනාකමකින් යුත් පියානෝවක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින්  විමර්ශන මෙහෙයවා අධිකරණයට කරුණු වාර්තා කර ඊට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බව පැවසෙන පසුබිමක අනුරාධපුර පිහිටි රජරට සේවයේද  සොරා ගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිළි කර තිබීම විශේෂත්වයක්.

කෞතුක වටිනාකමක් ඇති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තිබු මිලකල නොහැකි දැවැන්ත පියානෝ සොරකම පිළිබද පසුගිය කාලයේ තොරතුරු වාර්තා වූ අතර ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින්ඒ පිළිබඳ එවකට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ට චෝදනා එල්ල කළේ මෙම අපරාධය ඔවුන්ගේ අනුදැනුම මත සිදු වූ බවට චෝදනාවක්ද එල්ල කරමින්.

පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් ගුවන් විදුලි සංස්ථාවේ සංගීතය අංශයේ කටයුතු කල සමයේ පවා අදාළ පියානෝව සංගීත නිර්මාණ කටයුතු සඳහා උපයෝගී කරගෙන තිබෙනවා.

සොරකම සිදුවන අවස්ථවේ එය ගුවන් විදුලි සංස්ථවේ 10වන මැදිරිය තුළ තබා තිබී ඇති අතර පියානෝව අලුත්වැඩියාවක් සඳහා බව පවසමින් ගුවන් විදුලි සංස්ථාවෙන් පිටතට රැඟෙන ගොස් ඇති බවයි සේවකයින් පවසන්නේ.

ඔවුන් සඳහන් කරන්නේ ගුවන් විදුලි ඉතිහාසයේ කිසිදු දිනක මෙම පියානෝව අලුත්වැඩියාවක් සඳහා සංස්ථා පරිශ්‍රයෙන් පිටතට රැඟෙන ගොස් නැති බවයි.

මෙහි ඇති අවලස්සනම සිදු වීම වන්නේ අදාළ පියානෝව වෙනුවට මේ වන විට වෙනත් පියානෝවක් එම ස්ථානයෙන් ගෙනවිත් තැබීමට පාලන අධිකාරිය කටයුතු කර තිබීමයි.

About The Author