න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන පිළිබඳ රහස් විදේශ රටකට විකිණීමට තම ස්වාමිපුරුෂයාට උදව් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද නාවික හමුදාවේ ඉංජිනේරුවෙකුගේ බිරිඳ වැරදිකාරියක වී තිබේ. පසුගිය දිනෙක එක්සත් ජනපද අධිකරණයේ දී ඇය වරද පිළි ගත්තා ය.
46 හැවිරිදි ඩයනා ටෝබේ නමැති මෙම තැනැත්තිය ප්‍රකාශ කළේ වරක් ඇගේ සැමියා රටකජු බටර් සැන්ඩ්විච් එකක් තුළ දත්ත කාඩ්පතක් සඟවා සැඟවුම් ස්ථානයක තැබූ අවස්ථාවේ දී තමා ඔහුගේ ඔත්තුකාරියක ලෙස ක්‍රියා කළ බව යි.
හිටපු ගුරුවරියක වන ඇය ෆෙඩරල් අභිචෝදකයින් සමඟ කළ අභියාචනය යටතේ වසර තුනක් දක්වා සිරගත වනු ඇත.
ඇගේ සැමියා වන 42 හැවිරිදි ජොනතන් ටෝබේ විසින් මෙම සතිය මුල දී සිය වරද පිළි ගනු ලැබුවේ ය.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර