වසර පහකට පසු අප්‍රිකාවේ මලාවි නගරය ආශ්රිත ව පෝලියෝ රෝගියෙකු වාර්තා වී තිබේ. අවුරුදු තුනක් වයසැති දැරියක සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයක දී රෝගය හඳුනා ගැනීමට හැකි වූ බව එරට සෞඛ්‍යය අංශය වාර්තා කරයි. මෙය සාමාන්‍ය පෝලියෝ රෝගය ම නොව “වයිල්ඩ් පෝලියෝ” නමින් හැඳින්වෙන තත්ත්වයක් බව කියවේ.
මින් පෙර 2020 වසර වන විට අප්‍රිකානු මහාද්වීපය සියලු ආකාරයේ පෝලියෝ රෝගවලින් තොර ව ඇති බවට ප්‍රකාශයට පත් කරන ලදී.
මේ වන විට ඉක්මනින් ක්‍රියාත්මක වී තිබෙන මලාවි නිළධාරීහු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම ඇතුළු ව නැගී එන පෝලියෝ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගැනීමට කටයුතු කරමින් සිටිති.
අද වන විට “වයිල්ඩ් පෝලියෝ” රෝගය ආවේණිකව පවතින්නේ ලෝකයේ රටවල් දෙකක පමණි. එනම්, ඇෆ්ගනිස්ථානයෙහි සහ පාකිස්තානයේ පමණි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර