Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බෝම්බකරුවන් 38කට මරණ දඬුවම.

2008 වසරේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකට සම්බන්ධ පුද්ගලයන් 38 දෙනෙකුට අවසානයේ දී මරණ දඬුවම නියම කිරීමට ඉන්දියානු අධිකරණය සමත් වී තිබේ.

එම වසරේ ගුජරාට් ප්‍රාන්තයේ වෙළෙඳ අගනුවර වන අහමදාබාද්හි සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් පනස් හත් දෙනකු මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ.

38 දෙනෙකුට මරණ දඬුවම දුන් අහමදාබාද්හි අධිකරණය, තවත් වැරදිකරුවන් 11 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

කෙසේ වෙතත් සියලු චූදිතයන්ට තම දඬුවම් සියල්ල ඉහළ අධිකරණයක දී අභියෝගයට ලක් කළ හැකි බව සඳහන් ය.

About The Author