Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එක්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියනයක් ලැබුණු බව අධිකරණ ඇමති කියයි : අනතුර පහව ගොස් නැහැ සමුද්‍ර ජීව විශේෂඥයින් අනතුරු අඟවයි

මෙරට මුහුදු තීරයේදී ගිනිගත් එක්ස්ප්‍රස් ප්ර්ල්( MV -X Press Pearl) නෞකාවෙන් වන්දි වශයෙන් මෙරටට රුපියල් බිලියනක මුදලක් මේ වන විට ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පිළිගෙන තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේ වන විට තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.

නැව ගිනිගත් මොහොතේ ප්‍රධාන කාර්යය බවට පත් වුයේ ඉන් සිදු වන ව්‍යසනය අවම කර ගනිමින් නැවෙන් තෙල් කාන්දුවක් සිදු නොවන ආකාරයෙන් හා පාරිසරික හානි නොවන අයුරින් කටයුතු කිරීම බැවින් එය මනාව සිදු කිරීමට රජය කටයුතු කළ බව ද හෙතම සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළකරන සමුද්‍ර ජීව විශේෂඥයින් කිහිප දෙනෙකු අප වෙත සඳහන් කළේ ගිලීගිය නෞකාවේ අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි.

තවමත් ගිලි ගිය නෞකාව සහ කන්ටේනර් සිය ගණනක් මුහුදු පතුළේ තවමත් පවතින බවයි.

ඒවා මුහුදු ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් නැවත වතාවක් බරපතළ අර්බුදයක් නිර්මාණය විය හැකි බවයි.

About The Author