පසුගියදා පැවති 74 වෙනි නිදහස් දින උළෙල වෙනුවෙන් ත්රිවිධ හමුදාව ඇතුළ රාජ්ය ආයතන භාවිතා කළ වාහන සහ ගුවන් යානා වෙනුවෙන් රුපියල් කෝටි 100කට අධික ඉන්ධන වියදමක් දරා ඇති බව වාර්තා වනවා.
විශේෂයෙන්ම හමුදා උත්කර්ශයක් ලෙස මෙයට අදාළ සන්නාහ සන්නද්ධ රට හෙළිකොප්ටර් සහ ගුවන් යානා භාවිතා කර තිබිණි. එම අවස්ථා පෙරහුරුවලදී සහ මූලික උළෙලේදී මෙම වියදම දරා ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ තොරතුරුවලින් අනාවරණය වීම විශේෂත්වයක්.
මීට අමතරව ආහාර සැපයීම්, ජල බෝතල්, සිසිල් බීම, කිරි පැකට් ඇතුළු වෙනත් පාන වර්ග සඳහා ද විශාල වියදමක් දරා තිබෙනවා.
පවතින ආර්ථික අර්බුධය හමුවේ රජයේ වියදම් සීමා කර ඇති බව පවසන මොහොතක තිබියදී නිදහස් දින උළෙල වෙනුවෙන් මෙම වියදම් දරා තිබීම විශේෂත්වයක්.
ඒ වෙනුවෙන් වැය කළ මුළු මුදල කොපමණ දැයි හෙළි කර ගත ගැනීම ගැටළු සහගත වී ඇති බවද පැවසෙනවා.
© Lanka Truth
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?