ඉල්ලුවොත් සළකා බලනවා
මූල්‍ය සහායක් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එහි මෙරට මෙහෙයුම් ප්‍රධානී Masahiro Nozaki පවසා තිබෙනවා.
එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය සහය ලබාදීමට මූල්‍ය අරමුදල සුදානමින් සිටින බවද විදෙස් පුවත් ආයතනයක් වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වාදී තිබෙනවා.
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥ සහය ලබාගැනීමට ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.
කෙසේවෙතත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන තාක්ෂණික සහය ක්‍රියාවලියක් පිළිබඳව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි පෙන්වාදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා ප්‍රතිපත්තිමය වර්ධනයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ඒ පිළිබඳ ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා පසුගිය දෙසැම්බර් මාසයේ දී සිය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව ඔහු ප්‍රකාශ කරඇති බවද සඳහන්.
ශ්‍රී ලංකාවේ නවතම ආර්ථික දත්ත සමාලෝචනය කිරීමේ IMF අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් මේ මස අවසානයේ දී පැවැත්වෙන බව ද මසහිරෝ නොසාකි පවසා තිබෙනවා.
© අද දෙරණ
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි