දිවයින පුරා සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන්.
ඒ අනුව රජයේ සහ රජය අනුමත පුද්ගලික පාසැල් වල සියලුම ශ්‍රේණි පෙබරවාරි මස 07 වන සදුදා දින සිට මාර්තු මස 07 වැනි සදුදා දිනය දක්වා වසා දමනු ඇති.
එමෙන්ම මේ වන විට පාසල් සිසුන් අතර කොරෝනා රෝගය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
නිසි සෞඛ්‍ය ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වී ඇති බව ගුරු වෘත්තිය සමිති ද පෙන්වා දෙනවා.
දරුවන් සහ ගුරුවරුන් රැසක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සාමාජිකාවන් රැසක් ද මේ වන විට රෝගය ගොදුරු වී ඇති බවට ද තොරතුරු වාර්තාවනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට