මහජන මුදල් අවභාවිතාව ගැන පරීක්ෂණ
හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා.
මෙම මුදල් ගෙවීම පැහැර හරිනු ලැබ ඇතැයි පැවසෙන්නේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් සහ පෞද්ගලික ආයතන දෙකක් විසිනැයි එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
මේ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2003- 2013 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද 2013- 2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද ගෙවීම මෙලෙස පැහැර හැර ඇතැයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම මුදල් මේ දක්වාම ගෙවා නැති බවද සඳහන්.
මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ 2003- 2013 අතර කාලයේදී ලබා ගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමර්ශනයක් පවත්වා අයවිය යුතු හිඟ මුදල් පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයට දැනටමත් බාරදී ඇති බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2013-2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් අය විය යුතු තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි හිඟ මුදලකට අදාළව වාර්තාවක් මුදල් අමාත්‍යංශයට බාරදීම සඳහා මේ දිනවල පිළියෙල කරගෙන යන බවද ඔහු සඳහන් කළා.
එම මුදල් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ කණ්ඩායම් සහ පුද්ගලයින්ගෙන් අයකර ගෙන ගුවන් හමුදාවට නැවත බාරදිය යුතු බවයි පැවසෙන්නේ.
© මුලාශ්‍රය – ලංකාදීප
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී