පාසල් සිසුවෙකුට බරපතල තුවාල
කොස්ගම සාලාව ප්රදේශයේ නිවසක මිදුලේ තිබු මෝටාර් බෝම්බයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
2016 වසරේ සාලාව අවි ගබඩාව පිපිරීමෙන් තැන තැන විසිර තිබු මෝටර් බෝම්බයක කොටසක් මෙලෙස පුපුරන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.
ඊයේ (27) පස්වරුවේ මෙම බෝම්බ කොටස තලමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් සිදුවාගේ දෙකකුල්, බඩ ප්රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.
@ මුලාශ්රය – ලංකාදීප


අත නොහැර කියවන තැන
හිටපු කතානායක අත්අඩංගුවට
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
ප්රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි