Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බඩු ඉවරයි : අහඹු PCR පරීක්ෂණ නවතී

රෝගීන් මෙන්ම සෞඛ්‍ය කාර්යමණ්ඩල බරපතල ජීවිත අවදානමක

කොළඹ ජාතික රෝහලට ඇතුළුවන රෝගීන් සඳහා සිදුකරන අහඹු PCR පරීක්ෂණ සිදු කරන ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල අවසන් වීමෙන් බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් පරීක්‍ෂණ ඊයේ (26) සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදු වූ බව වාර්තාවනවා.

රෝහලේ සෙසු අංශවලද ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති බවයි වාර්තාවන්නේ.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය හරහා රෝහලට ඇතුළු කරගන්නා රෝගීන් සඳහා මෙම අහඹු PCR පරීක්ෂණ සිදුකෙරෙන අතර පර්යේෂණ කට්ටල අවසන්වීම හේතුවෙන් විවිධ රෝගාබාධ සඳහා රෝහල් ගත කෙරෙන රෝගී ජනතාවට කොරෝනා ආසාදනය වී ඇති දැයි අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් රෝහලේ වාට්ටු වල සිටින සෙසු රෝගී ජනතාවට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද දැඩි සෞඛ්‍ය අවදානමකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ඩෙංගු ප්‍රතිදේහ පර්යේෂණ කට්ටලත් ඉවරයි

ඩෙංගු ප්‍රතිදේහ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති වීම හේතුවෙන් එම පරීක්‍ෂණද අත්හිටුවීමට සිදුවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු වැඩි දුරටත් පවසනවා.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව ඊයේ පස්වරුවේ මාධ්‍ය විසින් සිදු කළ විමසුමකදී පවසා තිබෙන්නේ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල පිළිබඳ ප්‍රශ්නයක් ඇති බැවින් වෛද්‍ය සැපයුම් අංශයෙන් එම කට්ටල ඇණවුම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඇන්ටිජන් කට්ටල නොමැති වීමෙන් ඊයේ දිනයේ පරීක්‍ෂණ අඩු ප්‍රමාණයක් කළ බවත් එම කට්ටල නොලැබුණු හොත් ගැටලුකාරී තත්වයක් ඇති වන බවත් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

© Lanka Truth

About The Author