යුගදනවි බලාගාරය ඇමෙරිකාවට විකුණු ගිවිසුමේ දෙපාර්ශවයේම සාක්ෂි කරු ලෙස ඉතිහාසයට එක්වුණු ඔහු..
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඔහු විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළ අයෙකු වන අතර ඔහු ලංකා විදුලිය බල මණ්ඩලයේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සේවකයන් තුළද ප්‍රසාදයක් පවතී නැති බවයි වාර්තාවන්නේ.
ඔහු බැසිල් රාජපක්ෂ මහතා විසින් හොර රහසේ සකස් කරන ලදැයි පැවසෙන මෙරට බලශක්තිය පිළිබඳ ආන්දෝලාත්මක ගිවිසුමක් වූ යුගදනවි බලාගාරය ඇමෙරිකාවට විකිණීමට අදාල ගනුදෙනුවේදී ලංකාව සහ ඇමෙරිකාව යන පාර්ශව දෙකම වෙනුවෙන් සාක්ෂි කරුවෙකු ලෙස අත්සන් තැබූ අපූර්ව සාක්ෂි කරුවා ලෙසයි හැදින්වෙනවා.
එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතාගේ සාක්ෂි අත්සන් කිරීම පිළිබද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා Mee Massoo TV සමග පැවති සාකච්ඡාවේදී කරුණු හෙළි කළා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?