Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හෙට උදේට රනිල්ට රට භාර දෙන්න ගෑස් ටැංකිය 1500 ට දෙනවා : හිටපු ඇමති වජිර කියයි

ආණ්ඩුවට එරෙහිව එජාපය වීදි සටන ගාලු පුරයෙන් දියත් කරයි : ප්‍රධාන නායකයන් සමග මහ සෙනගක්

ජනතාවගේ ජීවන වියදම ඉහල යාම සහ ආණ්ඩුවේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය හමුවේ රට මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය මාවතේ සටනට අවතීර්ණ වී තිබෙනවා.

එහි පළමු විරෝධතාවය පසුගියදා (25) පස්වරුවේ ගාල්ල බස් නැවතුම ඉදිරිපිට දී පැවැත්වුණා.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජයමාන්න, පාලිත තෙවරප්පෙරුම , ශාන්තිනි කෝන්ගහගේ ඇතුළු පක්ෂයේ ප්‍රධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීමට නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ආ යුතු බවයි.

හෙට දිනයේ රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර කරන්නේ නම් ගෑස් ටැංකියක් රුපියල් 1500ක් ලබා දිය හැකි බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළා.

මේ ජනප්‍රිය උදාහරණයක් ලෙස දැක්විය හැකි නමුත් රටේ ආර්ථික තත්ත්වය නිසි අයුරින් හඳුනාගනිමින් දුරදක්නා තීන්දු තීරණ ගනිමින් කටයුතු කිරීමට හැකි වන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පමණක් බවද ඔහු සඳහන් කළා.

යහපාලන රජය විසින් දියත් කළ සංවර්ධන ව්‍යාපෘති අද වන විට ආසාර්ථක ආණ්ඩුව විසින් තමන්ගෙ ව්‍යාපෘති ලෙස විවෘත කරන බව පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු පුද්ගලයෙකුට අපහාස කිරීමට බලාපොරොත්තු නොවන බව ද සඳහන් කළා.

සියලු ඒකරාශී කරගනිමින් 2023 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවද වජිර අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළා.

රැස්ව සිටි පිරිස අමතමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ අද වන විට පතෝල කිලෝවක මිල රුපියල් 400ක් වී ඇති බවයි.

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පවා පාලනය කරගත නොහැකි වර්තමාන “පතෝල ආණ්ඩුව” අසරණ ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති බවයි රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ.

ජාතික ප්‍රතිපත්තියක් හෝ දේශපාලන ප්‍රතිපත්තියක් නොමැති වර්තමාන ආණ්ඩුව පලවා හැරීම සඳහා පක්ෂ විපක්ෂ සියළු ජනතාව එකට ඒකරාශී විය යුතු බව ද රුවන් විජයවර්ධන මහතා එහිදී අවධාරණය කළා.

රට රැක ගැනීමට බලයට පැමිණි විරුවා මේ වන විට රටම විනාශය කරා ගෙන ගොස් අවසන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළා.

රටේ ජනාතාව මුහුණ දී ඇති අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂය ගාලු පුරවරයෙන් ආරම්භ කළ සටන රාජපක්ෂලා අමුඩ ගස්සවා මුහුදට පලවන තෙක් සටන දියත් කරන බවද සඳහන් කළා.

About The Author