ප්‍රමිති හදන්න වෙනම කණ්ඩායමක් වැඩ : ක්ෂේත්රයේ වියතුන්ගේ විරෝධය
කාබනික හෝ අකාබනික හෝ ඕනෑම ආකාරයක පොහොර වර්ගයක් මෙරටට ගෙන ඒම සඳහා අවකාශ සැලෙසෙන අයුරින් නව ප්‍රමිති නිර්ණායක සකස් කිරීමට සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව මේ වන විට ඉතා විශ්වාස දායක තොරතුරු මුලාශ්‍ර ඔස්සේ අප වෙත වාර්තාවෙමින් පවතිනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සම්බන්ධ කරමින් ආණ්ඩුවට හිතෛෂී පිරිසක් යොදා ගනිමින් සකස් කරන ලද කමිටුවක් හරහා මෙම කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි වාර්තාවන්නේ.
ඒ අනුව රටේ පොහොර සම්බන්ධයෙන් පවතින සංවේදී නිර්ණායක වෙනස් කොට Specialty Fertilizer හෙවත් විශේෂිකරන පොහොර ලෙස නව වර්ගීකරණයක් සකස් කොට ඕනෑම ආකාරයක පොහොර වර්ගයක් රට තුළට ගත හැකි අයුරින් නව ප්‍රමිති නිර්ණායක සකස් කෙරෙමින් පවතින බව හෙළිවනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ වියතුන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රාජතාන්ත්‍රික ගනුදෙනු නිසි අයුරින් කළමනාකරණය කිරීමට රජයට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි අර්බුදකාරී නව ප්‍රමිති නිර්මානය කිරීම රටේ කෘෂිකර්මාන්තයේ අනාගතය පිළිබඳ බරපතල ගැටළු මතු කරනු ඇති බවයි.
Specialty Fertilizer හෙවත් විශේෂිකරන පොහොර සම්බන්ධයෙන් ලෝකයේ පවතින නිර්ණායක පවා මායිම් නොකරමින් රජයට අවශ්‍ය පොහොර ගණුදෙනු සිදුකිරීම සඳහා රජයට හිතවත් කණ්ඩායමක් යොදාගනිමින් වෙනස්ම ආකාරයක නිර්ණායක සකස් කරන බවටයි මේ වන විට චෝදනා එල්ල වනවා.
කෙසේ වෙතත් අදාල නිර්ණායක සකස් කිරීමෙන් අනතුරුව තවත් ආයතන කිහිපයකින් අවසර ලබා ගැනීමට ප්‍රමිති ආයතනයට සිදුවනවා.
එමෙන්ම මෙය ප්‍රසිද්ධියට පත් කර ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදු කිරීම ප්‍රමිති ආයතනයේ සාමාන්‍ය ක්රමවේදයයි.
කෙසේ වෙතත් මෙම ක්‍රමවේද බැහැර කරමින් අදාළ ප්රමිතීන් සම්මත කර ගැනීමේ උත්සාහයක් පවතින බවටද තොරතුරු වාර්තා වනවා.
චීනය අසූචි පොහොර නෞකාව භාර නොගනිමින් ඒ සඳහා ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවීමට රජයට සිදු වූ අතර නව ප්‍රමිති සකස් කිරීමේ කරුණ නැවත කරලියට පැමිණෙන්නේ චීනයෙන් තවත් පොහොර නෞකාවක් ලංකාවට එවීමට සැලසුම්කර ඇති මොහොතක වීම විශේශත්වයක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි