පැය එක හමාරක අනිවාර්ය විදුලි කප්පාදුවක් අභියස
ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීමත් සමග විදුලිබල අමාත්‍යංශය IOC සමාගමෙන් ඉන්ධන ලබගැනීමට දැරූ උත්සාහය එම සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
විදුලිබල අමාත්‍යංශයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් IOC සමාගම සඳහන් කර ඇත්තේ ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදෙන විනිමය අර්බුදයට තමන් ද මුහුණ දෙන බවත් ණයවර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බවයි.
එසේම මේ මොහොතේ සිය ප‍්‍රමුඛතාවය වී ඇත්තේ තම බෙදුම්කරුවන්ගේ පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම බව ද ඔවුන් පවසා තිබෙනවා.
විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා මීට පෙර මාධ්‍යයට සඳහන් කළේ IOC සමාගම සමග සාකාච්ඡා කර ජනවාරි 22වැනි දින දක්වා විදුලිබල මණ්ඩලයේ බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවයි.
මේ වනවිට කොළඹ වරායේ ඇති ඉන්ධන නැවකින් ඉන්ධන නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සාකච්ඡා වෙමින් ඇති බවත් එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා අද (18) පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
අදාළ නෞකාවේ ඇති ඉන්ධන නිදහස් කරගැනීම සඳහාද බලපා ඇත්තේ ඩොලර් හිඟය බවයි පැවසෙන්නේ.
එසේම ඉන්ධන අර්බුදය හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් ද මේ වනවිට ක්‍රියා විරහිතකර ඇති බවයි වාර්තාවන්නේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි