කෘෂි ඇමතිට ගොවි සංගම් නියෝජිතයින් කියලා
කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පවසා ඇති බව වර්තාවනවා.
රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන් බවයි වාර්තාවන්නේ.
කෘෂි ඇමති හමුවූ ගොවි සංවිධාන නියෝජිතවරුන් අතරට දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි නියෝජිතවරු එක්ව සිටි බවද බව ද පැවසෙනවා.
නූලෙන් මිස් වූ චාන්ස් එක
ලංකාව පුරා ගොවි මහත්ම මහත්මීන් රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට පත් වුණා.
රටපුරා මේ සම්බන්ධයෙන් ගොවීන් උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කළ අතර වගා පාළු වීම හේතුවෙන් සහල් සහ එළවලු මිල ද ඉහළ ගිය අතර මේ තත්ත්වය තුළ පාරිභෝගිකයන් අපහසුතාවයට පත්ව සිටිනවා.
කෘෂිකර්ම අමාත්‍යවරයා මුණගැසුනු ගොවි සංගම් නියෝජිතයින් පවසන ආකාරයට කාබනික ගොවිතැන අසාර්ථක බව පවසන ගොවීන්ට යම් පිරිසක් ලක්ෂ තුන බැගින් ලබාදීමට සැලසුම් කර තිබුණා නම් එය මෙරට බහුතර ගොවි ජනතාවකට හිමිවීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට එම අවස්ථාව ඔවුන්ට අහිමි වී තිබෙනවා.
ඒ ආණ්ඩුව විසින් සාර්ථකව දියත් කළ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් දියත් කළ වගා පෙරලි වැඩසටහන නවතා දැමීම හේතුවෙන්.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?