CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරයි
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.
ඒ, ඊයේ (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්.
පොලිසිය විසින් සිද්ධියේ සත්‍යය නොසොයා කතන්දරයක් ගෙතීමට උත්සහ දරන බවයි කාදිනල්තුමන් පවසන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබාගියේ ‘මුනි’ කියන කෙනා කියලා.
පොලීසිය අපිට කිව්වේ හවස 3න් පස්සේ CCTV දර්ශන නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ CCTV දර්ශන හොඳින් නැරඹුවා. උදේ වරුවේ සිට. ඒ අනුව අපිට පේනවා.. එදා උදේ 9.52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළුවෙනවා.
අපිට පේනවා මේ සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වැඩිය කතන්දරයක් ගොතන්නට හදන වැඩක් හැටියට.
ඒ නිසා අපි පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ. ඒ නිසා කරුනාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න.”
සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය විසින් ඊයේ මාධ්‍යයට නිකුත් කර තිබුණි
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට