කැබිනට්ටුවේ දී දෝෂාරෝපණයක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව එම අමාත්‍ය තනතුරින් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.
පසුගිය වකවානුව මුළුල්ලේම රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිලිබද දැඩි විවේචනයන් සිදුකළා.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු සදහන් කළේ මේ වන විට රජයේ ඇමතිවරුන් සිග්නල් කණු බවට පත්ව ඇති බවයි.
කරන්නට බැරි දේවල් කිරීමට ගොස් මේ වන විට රටම අමාරුවේ වැටී ඇති බවත් එබැවින් පාලනය කළ හැකි පුද්ගලයන්ට රට භාරදී වත්මන් පාලකයන් ඉවත්විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා සඳහන් කළා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ද චෝදනා එල්ල කළා.
ඔහු සදහන් කළේ පවතින තත්ත්වයට විසඳුම් ලබාදිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවයි.
කෙසේවෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයන් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් මේ හේතුවෙන් ඔහූ අදාල ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි වාර්තාවන්නේ.
ඊයේ (03) පැවති කැබිනට් රැස්වීමේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉලක්ක කරගනිමින් දැඩි දෝෂාරෝපණයක් සිදුකර තිබෙන්නේ ඔහු දිගින් දිගටම රජය සහ රජයේ ඇමතිවරුන් විවේචනය කරන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කළ පැමිණිලි ද සැලකිල්ලට ගනිමින් බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ආණ්ඩු පක්ෂයේ සිටින ජේෂ්ඨතම දේශපාලනඥයෙක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි