Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අච්චු ගහයි බෙදාහරී : ජනවාරියේ සිට සහන රැසක් : ඇමති බැසිල්ගේ වැඩක්

රජයේ සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් : විශ්‍රාම වැටුපටත් එකතු කරයි

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුපට මාසික අතිරේක දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තාවනවා.

ඒ අනුව රුපියල් 5000ක මුදලක් රාජ්‍ය සේවකයින්ට ලබාදීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙම අතිරේක දීමනාව විශ්‍රාමිකයින්ගේ වැටුපට ද එක්වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අබාධිත රණවිරුවන්ටද එම දීමනාව හිමිවන බව සඳහන්.

මෙය ජනවාරි මස සිට ගෙවීමට නියමිතයි.

මීට අමතරව සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වල බදු ඉවත් කර ඇති බවක් ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

සමෘද්ධීලාභීන්ට දැනට ලබාදෙන රුපියල් 3500/-ක මාසික දීමනාව රුපියල් 1000/-කින් ඉහළ නංවන අතර රුපියල් 3500/-ට වඩා අඩුවෙන් ලැබෙන සමෘද්ධී සහනාධාරයද සමානුපාතිකව වැඩිකරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

පොහොර ප‍්‍රශ්නය හේතුවෙන් වී අස්වැන්න සීයයට 20ත් 30ත් අතර ප‍්‍රමාණයකින් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එම පාඩුව පියවීම සඳහා ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25/-ක අමතර මිලක් ලබාදෙන බවද ඔහු සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරියේදී වී කිලෝවක් රුපියල් 75/-ක සහතික මිලකට මිලදී ගන්නා අතර සහල් මිල ඉහළ යෑම වළක්වාලීම සඳහා අමතර මුදල් භාන්ඩාගාරය දරණ බවද බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා.

දිවිනැඟුම වැඩපිළිවෙළ නැවත ක‍්‍රියාවට නැංවෙන අතර වගාකරන ගෙවතු සඳහා දිරි දීමනාවක් ලබාදෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව පර්චස් 20ට අඩු ගෙවත්තකට රුපයිල් 5000/-ක් ලබාදෙන අතර පර්චස් 20ට වැඩි අක්කර 01ට අඩු ගෙවත්තකට රුපියල් 10,000/-ක දිරි දීමනාවක් ලබාදෙන බවත් වගාව සාර්ථක වු බව පෙන්නුම් කළහොත් එම දීමනාව නැවත ලබාදෙන බවත් ඔහු සඳහන් කරනවා.

මීට අමතරව සෑම වතුකම්කර පවුලකටම මසකට තිරිඟු පිටි කිලෝ 15ක් කිලෝව රුපියල් 80/-ක සහන මිලකට ලබාදෙන බවද ඔහු පවසා ඇත්තේ අද රාත්‍රියේ මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000/-ක දීමනාව ගෙවීමට වසරකට රුපියල් බිලියන 87ක් විශ‍්‍රාමිකයින් සඳහා රුපියල් බිලියන 40ක් ගෙවතු සහනාධාරය සඳහා රුපියල් බිලියන 31ක් ආදී වශයෙන් වැයවෙන බවද බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කළා.

ජනතාවට සහන ලබාදීමට වැයවෙන මුදල් සොයාගැනීමට බදු ඉහළ නැංවීමක් සිදු නොකරන බවත් ඒ සඳහා වෙනත් ක‍්‍රම උපයෝගී කරගන්නා බවත් බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

About The Author