Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිට ජනතාව හූ තැබූ බව දැක්වෙන සටහනක් Share කළැයි කතක් CID යට ගෙනියයි : අපහාස කළොත් වැඩ වරදින බව කියා ගෙදර එවයි

හොරු රැක රැක ගෑනු පස්සේ පන්නන්නේ ඇයි කියා ඇය මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කරයි

ජනාධිපතිවරයාට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය සදහන් කරනවා.

ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමන්ට ඔවුන් අවවාද කල බවත් ඇය සඳහන් කරනවා.

රටේ ජනතාව ගෑස් සිලින්ඩර පුපුරා මියයමින් සිටින මොහොතක ඒවාට සම්බන්ධ වංචනිකයින් සහ වගකිව යුත්තන් නිදැල්ලේ සිටියදී මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති උනන්දුව පිළිබඳවද ඇය මෙහිදී ප්‍රශ්න කළා.

About The Author