පොහොර සහනාධාරයට මුවාවෙලා අඩු මිලට ගෙන්වලා වැඩි මිලක් ගෙවලා
අඩු මිලට ගෙන්වූ පොහොර සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය පොහොර සමාගම් එකොළහකට රුපියල් කෝටි 150 කට වැඩි මුදලක් ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වනවා.
පසුගිය 2018 – 2020 අතර කාලයේදී ආනයනය කරනු ලැබූ පොහොර වෙනුවෙන් මෙලෙස විශාල මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී මෙම තොරතුරු හෙළිව ඇති බව සඳහන්.
පොහොර සමාගම් 11ක් 2020 මුල් කාර්තු දෙකේ අවස්ථා 213 කදී අඩු මිල යටතේ ආනයන කරනු ලැබූ පොහොර මෙට්‍රික් ටොන් 156272.5 ක් සඳහා මෙලෙස මුදල් ගෙවා ඇත්තේ පොහොර සහනාධාරය වෙනුවෙන් බව පවසමින්.
මීට අමතරව ජාතික පොහොර ලේකම් කාර්යාලය රුපියල් කෝටි 50 කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක සඳහන්ව ඇති බවයි පැවසෙන්නේ.
එම පොහොර ගෙන්වූ අවස්ථා 213 දීම ආනයනික මිල ( Invoice price) මිල කමිටුව තීරණය කළ මිලට වඩා අඩු අගයක් ගෙන තිබී ඇතැයි ද වාර්තවනවා.
එසේම පොහොර ආනයනය කළ සමාගම් කිහිපයකට කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ මිල කමිටුවේ මිල සූත්‍රයෙන් බැහැරව 2018 වර්ෂයේදී රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා ඇතැයිද විගණකාධිපති දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබෙනවා.
මිල ගණන් තීරණය කිරීමේදී රජයට අවම අවාසියක් ඇතිවන පරිදි, සාධාරණ ආකාරයට එම කටයුතු කිරීමට මුදල් කමිටුවට හැකියාව තිබුණත් මෙම පොහොර ගනුදෙනුවලදී එවැන්නක් සිදුවී නැති බවටද තොරතුරු අනාවරණය වී තිබීම විශේෂත්වයක්.
© උපුටා ගැනීම – Lanka Truth
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී