Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රමුඛත්වය ගැබිනියන්ට, මව්වරුන්ට, දරුවන්ට සහ රෝගීන්ට : ළඟ ළඟම එන ආහාර අර්බුදයේදී හොඳටම කරන හැටි මෙන්න

කෘෂිකර්ම ලේකම් පැහැදිලි කරයි

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආණ්ඩුව දියත් කළ රට කාබනික වගාවෙන් ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහනේ අතුරු ප්‍රතිඵලයක් ලෙස සහ රට මුහුණ දී ඇති ආර්ථිකය අර්බුදයේ ප්‍රධානතම ගැටලුවක් ලෙස නුදුරේදීම දැඩි ආහාර අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ම ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබෙනවා.

එලෙස සිදු වන ආහාර අර්බුදයේ දී රට ඊට මුහුණ දෙන්නේ කෙසේද? යන පැනයට කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පසුගියදා ප්‍රතිචාර දැක්වූවා.

ඔහු ද ආහාර අර්බුදයක් ඇති වීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කිරීම විශේෂත්වයක්.

කිසියම් ලෙසකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත් ආහාර හුවමාරු ක්‍රමවේදයකට යා යුතු බවත් එනම් අප සතුව බඩ ඉරිඟු අතිරික්තකයක් ඇති නම් වෙනත් රටකින් ඊට සරිලන වෙනත් ආහාර ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් ඔහු පැවසුවා.

ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කළා.

අත්‍යවශ්‍ය නොවන ආහාරපාන ආනයනය සීමා කර කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යව පමණක් ආනයනයට අවධානය යොමු කිරීම උචිත බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ජනතාවට ආහාර හිඟයක් ඇති කිරීමට තුන් හිතක හෝ උවමනාවක් නැති බව ද ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

About The Author