Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපිත් විපක්ෂයේ ඉඳන් මංගලට හිනා වුනාට මංගලගේ මිල සුත්‍රය හරි : ඇමති ඩලස් කියයි

නිශ්චිත මිල සුත්‍රයක් රටට අවශ්‍යයි

තමන් විපක්ෂයේ සිටින විට එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හදුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය තමන් ඇතුළු පිරිසගේ උපහාසයට හා අපහාසයට ලක්වුවද මේ වන විට එවැනි මිල සූත්‍රයක අවශ්‍යතාවය වත්මන් රජය තේරුම් ගෙන ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ මිල සූත්‍රයක් පිළිබදව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේද අවධානය යොමුව ඇති බවයි.

මෙවන් අවස්ථාවක මිල සූත්‍රයක් පැවතියේ නම් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවන විට මෙරට ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව පැවති බව ද ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ ඒ අනුව එවැනි නිශ්චිත ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාවය මේ වන විට පැන නැගී ඇති බවයි.

About The Author