Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පෙරහරින් ඇවිත් කරන්න ඕන දේ මහ රෑ හොරෙන් කරන්නේ ඇයි ?

හොරකම වෙන මොනවද : ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

රටට සැබෑ ලෙසම සෙතක් වනවා නම් හොර රහසේ ගිවිසුම් අත්සන් කරන්නේ ඇයි දැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා රජයෙන් ප්‍රශ්න කරනවා.

පාලම් හෝ බෝක්කු විවෘත කිරීම සඳහාත් විශාල උත්සව පවත්වන ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සිටින රටක, රටක බලශක්තිය සඳහා තීරණාත්මකව බලපාන ගිවිසුමක් හොර රහසේ අත්සන් කිරීම සිදු කරන්නේ පැහැදිලිවම එහි වංචාවක් සහ දුෂණයක් ඇති බැවින් බවයි හඳුන්නෙත්ති මහතා පවසන්නේ.

ශ්‍රී ලංකා රජය සහ ඇමරිකාවේ New Fortress Energy සමාගම විසින් අත්සන් තැබූ ගිවිසුම සම්බන්ධයෙන් Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක වෙමින් ඔහු මේ අදහස් පළකලා.

අදාල අමෙරිකානු සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයාද ශ්‍රී ලාංකිකයෙකු වන ජටිල රණසිංහ නැමැත්තෙකු බව මේ වන විට හෙළිව ඇති බවත් එසේනම් අදාල ගිවිසුම අත්සන් තැබීමේදී ඔහු ඒ සඳහා ඉදිරිපත් නොවුණේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත් හඳුන්නෙත්ති මහතා මෙහිදී පෙන්වා දුන්නා.

රටට සහ ජනතාවට මෙම ගිවිසුම මගින් සැබවින්ම සෙතක් සිදුවනවා නම්, එය හොර රහසේ රටට වසන් කරමින් අත්සන් කරනු ලැබුවේ කුමන හේතුවක් නිසාදැයි රජය වහා කරුණු හෙළිකළ යුතු බවයි හඳුන්නෙත්ති මහතා මෙහිදී සඳහන් කළේ.

මෙම ගිවිසුමට විරෝධය දක්වමින් කතා කරන පංචායුධ දේශප්‍රේමියෙකු පිළිබඳවද හඳුන්නෙත්ති මහතා මෙහිදී කරුණු හෙළි කළා.

About The Author