හෙට අනිද්දාට එළවලු කිලෝවක් 700 – 800 ට යන ලකුණු
නුවරඑලිය සතිපොලේ උඩරට සහ පහතරට සැම එලවළු කිලෝවකම මිල රු 450 ඉහලට පැවතිම නිසා පාරිභෝගිකයන් එලවළු මිල දි ගැනිමෙන් වැලකි සිටින බව නුවරඑලිය සතිපොලේ වෙලදුන් මැසිවිලි නගනවා.
නුවරඑලිය සතිපොලින් එලවළු මිල දි ගැනිමට නුවරඑලියට පැමිණ සිටින සංචාරකයන් මෙන්ම නුවරඑලිය ප්‍රදේශවාසින්ද පැමිණෙන බවත්, එලවළු මිල ඉහල යාම හමුවේ එම පාරිභෝගිකයන් සතිපොලට පැමිණිමේ විශාල අඩුවක් පවතින බවත් සතිපොලේ වෙලදුන් පවසනවා.
වෙළදුන් රැකියාව මාරු කරලා
නුවරඑලිය සතිපොලේ කාලයක් තිස්සේ එලවළු වෙලදාමේ නියැලි සිටි ව්‍යාපාරිකයන් එම ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වි වෙනත් ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින අතර ,එම සතිපොලේ වෙලදුන් කියා සිටින්නේ නුවරඑලිය ආර්ථිකය රැදි ඇත්තේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන බවයි.
ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව රසායනික පොහොර තහනම් කිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් සම්පුර්ණ වගාවම කඩා වැටුණු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඔවුන් පවසන්නේ ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර , කෘමිනාශක සහ දිලිර නාශක ලබාදෙන්නේ නම් නුවරඑලියේ කෘෂි ආර්ථිකය ඉහල ගොස් එලවළු මිල පහත වැටෙන බවයි.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී කොළඹ එළවලු මිල කිලෝවක් රුපියල් 700 – 800 අතර අගයක් දක්වා ඉහළ යාමට බොහෝ දුරට ඉඩ ඇති බවට ද තොරතුරු වාර්තවනවා.
අගමැති නුවරඑළියේ කැරොල් බලයි
මේ අතර පසුගිය ජනාධිපතිවරණය කාලයේ නිතරම ජනතාවගේ දුක සැප විමසු එළවලු මිල ගණන් මතකයට නැංවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීම සඳහා එක්වූ බව අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කර තිබෙනවා.
ප්‍රසංගයට එක්වූ කාල්ටන් පෙර පාසලේ දූ දරුවෝ කැරොල් ගීත සුමිහිරිව ගායනා කරමින් නත්තල් සිරිය කැන්ඳු බවද දක්වා ඇති අතර නත්තල් කැරොල් ගී ගායනා කළ කාල්ටන් පෙර පාසලේ දූ දරුවන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් මිහිර බෙදා ගෙන ඇති බවද සඳහන්.
කාල්ටන් පෙර පාසලේ විදුහල්පති හා අධ්‍යක්ෂිකා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙම ප්‍රසංගය අවසානයේ දූ දරුවන්ට ත්‍යාග ප්රදානයකර තිබෙනවා.
මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
මේ අතර පසුගියදාට යෙදුනු උඳුවප් පුරපසළොස්වක පොහොය නිමිති කර ගනිමින් “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 217 වැන්න නුවරඑළිය අගමැති මැදුරේ දී පැවැත්වීමටද නාරද රාජපක්ෂ මහතා පියවර ගෙන් තිබුණා.
© හැටන් රංජිත් රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි