ඇමති දිනේෂ් තීරණය දැනුම් දෙයි
රාජ්‍ය සේවයට බඳවාගෙන පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 51000ම ලබන ජනවාරි මස 3 වැනි දින සිට ස්ථිර සේවයට එක් කරන බව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සභාපති ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
එම උපාධිධාරීන් රට පුරා විවිධ රාජ්‍ය ආයතනවල වසරකට පමණ කාලයක් තිස්සේ පුහුණුව ලබමින් සිටින බවත් ඔවුන් ජනවාරි මස 3 වැනිදා සිට ස්ථිර සේවයට එක් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව එම උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස පුහුණුව ලබමින් සිටි ස්ථානයේම රාජ්‍ය සේවයට එක් කිරීමට නියමිතයි.
මෙම උපාධිධාරීන් 51000 කින් කැමති පිරිසකට ගුරු පත්වීම් සදහා ඉල්ලුම් කිරිමේ අවස්ථාව ද හිමිවන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.
ඒ අනුව ගුරු පත්වීම් 22000ක් ලබාදීමට නියමිත අතර එම උපාධිධාරීන්ට ඒ සඳහා ඉල්ලුම් කළ පසුව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ඔවුන් ඒ සඳහා තෝරා ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි