Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යහපාලන සමයේ නීතිපති ගොනුකළ තවත් අධි චෝදනාවක් පුස්සක් වෙයි !

අලි හොරකමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නිදොස් කොට නිදහස්

නීතිවිරෝධී ලෙස අලියෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවෙන් වැඩ තහනමට ලක්ව සිටි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (16) දින නියෝග කර ඇති බව වාර්තාවනවා.

සකුරා නමැති අලි පැටවා මෙලෙස හිටපු මහෙස්ත්‍රාත්වරයා සන්තකයේ තබා ගෙන සිටි බවට පැවති යහපාලන ආණ්ඩුව සමයේදී මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ අතර පසුව එම අලි පැටවා පින්නවල අලි අනාථාගාරය වෙත ගෙන ගිය බවට එවකට මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම සිදුවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනමකට ලක්වූ අතර නීතිපතිවරයා විසින් අධිචෝදනා යටතේ ඔහුට විරුද්ධව චෝදනා ගොනු කර තිබුණා.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කරමින් අලි පැටවකු නීති විරෝධීව සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ගොනු කර තිබු අධිචෝදනාවලින් තිළිණ ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කර තිබෙනවා.

ඒ විත්තිකරුවට එරෙහිව ගොනු කර ඇති කිසිදු අධිචෝදනාවක් පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නොමැති බව නිගමනය කරමින්.

විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දී ඇත්තේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම වීමද විශේෂත්වයකි.

එම නඩුව ලබන ජනවාරි 21 වැනිදා නැවත කැඳවිමට ද නියමිතයි.

© Lanka truth

About The Author