තුනෙන් දෙක වෙනුවට, දෙකෙන් එකත් නැති වෙන ලකුණු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි දන්වන ඕනෑම මොහොතක ඊට සූදානමින් සිටිය යුතු බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තාවනවා.
පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් මෙම තිරණය ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම එසේ ඉවත් වීමට සිදු වුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනාට අමතරව ආණ්ඩුවේ සිටින තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග මන්ත්‍රීවරුන් 60 දෙනකු පමණ පිරිසක් ඉවත් වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා.
ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා අපට වාර්තාවන තොරතුරුවලට අනුව පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජේෂ්ඨ දේශපාලඥයින් කිහිප දෙනෙකු සහ නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ආණ්ඩුවෙන් ඉවත් වීමට සුදානමින් සිටිනවා.
කිසිදු අදහසකට ඇහුම්කන් නොදෙමින් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙල සහ රාජපක්ෂ පවුලේ බලපෑම හේතුවෙන් මතුව ඇති අභ්‍යන්තර අර්බුද මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන ඇමතිවරුන් සහ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.
තීරණය පස්සට යන හේතු කිහිපයක්
ආණ්ඩුව පෙරළා දැමීම පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති නමුත් ඒ සිදුනොකිරීමට හේතු කිහිපයක් ඇති බවද අනාවරණය වනවා.
ජනාධිපතිගේ බලය
ඉන් ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ආණ්ඩුව විසුරුවා හැරීම සිදු කළහොත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල හමුවේ ඔහු ඒ ගැන කෙසේ ප්‍රතිචාර දක්වා ගෙන යන සැකයයි.
ජනාධිපතිවරයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පවත්නා අවිනිශ්චිතතාවය ඔවුන්ගේ තීරණය ප්‍රමාද කිරීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුව පෙරළනවානම් ජනාධිපතිවරයාට අනිසි ලෙස මැදිහත් විය නොහැකි බහුතර බලයක් සහිතව එය සිදු කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවට ද වාර්තා වනවා.
2018 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා හා එක්ව සිදුකළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය වූයේ ඒ වන විට සම්මත කර තිබූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන්.
නමුත් මේ වන විට ඒ අහෝසි කොට විසිවන අනුව සංශෝධනය සම්මත කර ඇති අතර ඒ හරහා ජනාධිපතිවරයා ට පුර්ණ විධායක බලතල හිමිව තිබෙනවා.
භාර දෙන්න කෙනෙක් නෑ
මතුව ඇති අනෙක් ප්‍රධාන ගැටලුව වී ඇත්තේ රටේ පවතින ර්ථිකය සහ සෞඛ්‍යය අස්ථාවරත්වය සමග දේශපාලන ස්ථාවරත්වයක් ද සිදුකොට විකල්පය ලෙස බලයට ගෙන එන නායකත්වය කුමක්දැයි යන්න පිළිබඳ ගැටලුවයි.
මේ සම්බන්ධයෙන් ද දීර්ඝ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වඩා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබාදීම සුදුසු බවට යෝජනාවක් ද ඉදිරිපත්ව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මෙවැනි තීරණාත්මක අවස්ථාවක් කළමනාකරණය සඳහා අත්දැකීම් නොමැති බව පවසමින්.
විකල්පය ලෙස මෙවැනි මොහොතක කළ පුරුද්ද සහ පළපුරුද්ද ඇති පුද්ගලයෙකු වශයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉහළ පිළිගැනීමක් ඇති හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ වගකීම භාරගත යුතු බවට යෝජනා වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය අභ්‍යන්තරයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේද යම් මත ගැටුමක් නිර්මාණය වී ඇති බවට ද තොරතුරු වාර්තවනවා.
රට ගැන හිතමු ගැටුම් වලට නොයමු
කුමක් සිදු වුව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2024 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට ව්‍යවස්ථාපිත බලයක් ඇති බැවින් අඩුපාඩු නිවැරදි කර ගනිමින් සියලු දෙනා එක්ව රට මුහුණ දෙන අස්ථාවර තත්වයෙන් ගොඩ ගැනීම සඳහා ජාතික ආණ්ඩුවක් බිහි කිරීම පිළිබඳව ද කතාබහක් නිර්මාණය වී ඇති බවද වාර්තා වනවා.
එළඹෙන මාර්තුව මාසය වන විට විශාල වෙනසක්
දේශපාලන අභ්‍යන්තර තොරතුරුවලට අනුව එළඹෙන මාර්තු මාසය වන විට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද විශාල වෙනස්කම් රැසක් සිදුවිය හැකි බව පෙනෙන්නට තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාද මේ වන විට සක්‍රියව කටයුතු සඳහා මැදිහත් නොවන බවටද තොරතුරු වාර්තා වන අතර බොහෝ අවස්ථාවල දී ඔහුට සිදුව ඇත්තේ අර්බුද කළමනාකරණය කරන්නෙකු ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගේ ප්‍රශ්න සඳහා මැදිහත්කරුවෙකු ලෙස සම්බන්ධ වීම බව ද වාර්තා වනවා.
මෙවැනි තත්ත්වයක් තුළ ගතවන ඉදිරි මාස කීපය මෙරට සෞඛ්‍ය, ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද තීරණාත්මකම මාස කිහිපය වනු ඇති බවට අනාවැකි පළවී තිබෙනවා.
In This Crucial situation only Hon. Ranil Wickramasinghe would be able to Handle the Economy, no body else in the Country Can Cope up with the Situation