Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කුට්ටි ආරච්චි වම්බටු, ගහල, පළා ගනී : පාර්ලිමේන්තුවේ වසලයන් අසුන් ගන්නා විට මීට වඩා කුමක් බලාපොරොත්තුවන්න දැයි ආචාර්යවරියක් විමසයි

කාන්තාවන්ට අපහාස කරන විට නැගී සිටින්නට බැරි පිරිමි නැති පාර්ලිමේන්තුව ගැනත් කියයි

එළවළු මිල වැඩි වීම සම්බන්ධයෙන් පසුගියදා සමගි ජන බලවේගයේ පක්ෂයේ රෝහිණි කුමාරි කවිරත්න මන්ත්‍රීවරිය සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

එහිදී ඔහු සිදුකළ ප්‍රකාශය හරහා ව්‍යංගාර්ථයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳට විශාල අපහාස සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ද්විත්වාර්ථ සහිත වචන අවස්ථානුකූලව යොදා ගනිමින් කුට්ටිආරච්චි මහතා මෙම අපහාස කිරීම සිදුකළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි සමාජ විවේචනය එල්ලවෙමින් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිය Fecebook පිටුවෙහි සටහනක් තබන මාහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පවසන්නේ කාන්තාවක් අරමුණ කරගෙන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ අසභ්‍ය ප්‍රකාශය දැඩිව හෙළාදකින බවයි.

මේ සටහනම උපුටා දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය වර්ෂි දන්දෙණිය මහත්මිය පවසන්නේ ව්‍යංගාර්ථයෙන් කුණුහරුප කතා දීන පුද්ගලයෙකු පාර්ලිමේන්තුවේ සිටින බවයි.

උත්තරීතර පාර්ලිමේන්තුවේ වසලයන් අසුන් ගන්නා විට මීට වඩා කුමක් බලාපොරොත්තුවන්නදැයි ඇය ප්‍රශ්න කරනවා.

About The Author