Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇටේ කපා ලුණු දමා වේලා අප්පච්චිට භාරදුන් හැටි : කුට්ටිආරච්චි කියයි

දැන් සැපද කියා අහන්න අප්පචිට අයිතියක් තිබු බවත් කියයි

බඩු මිල ගැන කියමින් දැන් සැපදැයි ජනතාවගෙන් අසන විපක්ෂය ගැන තමා කනගාටු වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පවසන්නේ තිස් වසරක යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.

එලෙස සංවර්ධනය කළ ආර්ථිකයෙන් යුතු රට, යම පාලනය විසින් විනාශ කර දමන විට ජනතාව පීඩාවට පත්කරන විට දැන් සැප දැයි ඇසීමට මහින්ද රාජපක්ෂ අප්පච්චිට අයිතියක් තිබූ බව පවසන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ඇටේ කපා ලුණු දමා වේලා යමපාලන ආණ්ඩුව රට නැවත බාර දුන් බවයි.

About The Author