Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අසුචි පොහොර කතාව තව ඉවර නෑ : ලංකාවේ අපනයන වෙළඳපොළත් ඉවරයි

ජාත්‍යන්තර සම්මුතීන් රැසක් කඩ කරලා

මිනිස් අසුචි අඩංගු පොහොර ශ්‍රී ලංකාවට ගෙන ආ සමාගමට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක කිරීම අවකාශ තිබියදී මෙරට යුක්තිගරුක නිලධාරීන්ට එරෙහිව අදාල සමාගම විසින් එන්තරවාසි එවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ කාගේ වරදින් ද යන්න සැක සහිත බව පරිසර වේදීන් රැසක් පෙන්වා දෙනවා.

පරිසර නීතිය සහ පරිසරය විෂය පිළිබඳව විශේෂඥයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අදාල පොහොර සමාගමට එරෙහිව නඩු පැවරීමේ හැකියාව මෙන්ම එම බලාපොරොත්තුවෙන් සිටීම හේතුවෙන් මෙරට ගොවිබිම්වලට සිදුවූ පාඩුව වෙනුවෙන් ද වන්දි ලබාගැනීම සඳහා අදාල චීන සමාගමට එරෙහිව නඩු පැවරිය හැකි බවයි.

එවැනි වටපිටාවක් තිබිය දී මෙරට බලධාරීන් විසින් අදාල සමාගම විසින් එවන ලද පරීක්ෂාවට ලක්කළ නිලධාරීන්ට එරෙහිව එන්තරවාසි එවන තෙක් මුනිවත රැකීම කනගාටුදායක බවද සඳහන් කරනවා.

ජාත්‍යන්තර සම්මුතින් රැසක් උල්ලංඝනය කරමින් අදාල චීන සමාගමක් කටයුතු කර ඇති බව පෙන්වා දෙන ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පුදුම සහගත බවයි.

අසූචි පොහොර වෙනුවෙන් පෙනී සිටින චීන තානාපති කාර්යාලය ලජ්ජා විය යුතුයි

ජාත්‍යන්තර ප්‍රමිතීන් පවා උල්ලංඝණය කරමින් මිනිස් අසුචි සහ අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සමන්විත පොහොර තොගයක් වෙනත් රටකට විකිණූ තම රටේ ඇති දූෂිත සමාගමක් වෙනුවෙන් තානාපති කාර්යාලයක් පෙනීසිටීම කනගාටුදායක මෙන්ම ලැජ්ජා සහගත කාරණාවක් බව ද ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනවා.

තුන්වන පාර්ශ්වයක නැවත පරීක්ෂාව භාර දීම මෙරට අපනයන වෙළෙඳපොළ බිඳ වැටීමට හේතුවක්

අසූචි සහ අහිතකර බැක්ටීරියා වර්ග අඩංගු බව ශාක නිරෝධායන අංශය විසින් කරන රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබියදී ලංකාව සම්බන්ධ නොමැති තුන්වන පාර්ශ්වයක් හරහා මෙරට ශාක නිරෝධායන අංශයේ පරීක්ෂණ අභියෝගයට ලක් කිරීමට යාම බරපතළ ප්‍රතිවිපාක රැසකට රට නිරාවරණය කිරීමයි ආචාර්ය ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ.

මේ තත්ත්වය තුළ ලංකාවේ නිරෝධායන අංශය මගින් පරීක්ෂාවට ලක්කර අපනයනය කෙරෙන නිෂ්පාදන සම්බන්ධයෙන් බරපතළ සැකයක් මෙන්ම අවිශ්වාසයක් ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ගොඩනැගෙනු ඇති බව ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

ඊට හේතුව ලෙස ඔහු පැහැදිලි කරන්නේ මෙරට ශාක නිරෝධාන අංශයේ ප්‍රතිඵල පිළිබඳ විශ්වසනීයත්වය ශ්‍රී ලංකා රජය විසින් ම බැහැර කිරීම බවයි.

මේ සම්බන්ධයෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා කරුණු හෙළි කළේ Mee Massoo TV සමග පසුගියදා පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

About The Author