වැඩ කරන්න බැරිනම් විසුරුවා හරින්නැයි කියයි
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මුලස්ථානය වන ජාතික සේවක සංගමය තුළ බරපතළ මුල්‍ය වංචා සිදුව ඇති බවත් වරදාන සහ වරප්‍රසාද ලබා ගනිමිනි එහි ඉහළ නිලධාරීන් සාමාජිකයන්ගේ සාමාජික මුදලින් යැපෙනවා මිස වැඩකරන ජනතාවගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බව එම සංගමයේ සාමාජිකයන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අද(10) සඳහන් කළා.
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව පැවැත්වෙන සාකච්ඡාවක් ලෙස ජාතික සේවක සංගම් ලිපි ශීර්ෂ යටතේ ම මාධ්‍ය ආවරණයක් සඳහා මාධ්‍ය වෙත ආරාධනා කර තිබුණද අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූයේ ජාතික සේවක සංගමයේ අභ්‍යන්තර අර්බුද පිළිබඳයි.
එමෙන්ම අදාළ මාධ්‍ය සාකච්ඡාව ජාතික සේවක සංගම් මූලස්ථානය තුළම පැවැත්වීම විශේෂත්වයක්.
එම සංගමයේ සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන වත්මන් එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා විසින් දරනු ලබන අතර, එහි ප්‍රධාන ලේකම් ධුරය හොබවන්නේ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් මහතායි.
එහිදී අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන් සඳහන් කළේ රට තුළ වැඩ කරන ජනතාව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා සිටින මොහොතක ජාතික සේවක සංගමයේ ප්‍රධානීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවයි.
සාමාජිකයන්ගෙන් සාමාජික ගාස්තු එක්රැස් කරමින් ඉහළ නිලධාරීන් තම සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරන බවට ද ඔවුන් චෝදනාවක් සිදුකරනු ලැබුවා.
මේ තත්වය තුළ ජාතික සේවක සංගමය තුළ පැහැදිලි ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බවත් එසේ නොහැකි නම් එම සංගමය විසුරුවා හැරිය යුතු බවත් පවසන එම සංගමයේ සාමාජිකයින් පෙන්වා දෙන්නේ ආණ්ඩු බලය පැවති කාල සීමාව ද ඇතුළුව වසර ගණනාවක් තිස්සේ තමන් මුහුණ දෙන ගැටලු වලට සාධාරණ විසඳුම් ලබාදීමට ඉහළ නිලධාරීන් අසමත් වූ බවයි.
සිරිනාල් ද මෙල් හිටියා ඇති යන්න
වයෝවෘද්ධව සිටින නමුත් තනතුරු අත් නොහැර කටයුතු කරන ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල් මහතා වහා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ගෞරවයෙන් ඉල්ලා සිටින බවද සාමාජික සාමාජිකාවන් මෙහිදී සඳහන් කළා.
දීර්ඝ කාලයක් එකම තනතුරක කටයුතු කරන පුද්ගලයකු වටා ගොඩනැගී ඇති පිරිසක් විසින් ජාතික සේවක සංගමය වලපල්ලට ඇද ගෙන ගොස් ඇති බව පවසන ඔවුන් පෙන්වා දෙන්නේ සංගමයේ සභාපතිවරයාට පවා බලයක් නොමැති බවක් පෙනෙන්නට ඇති බවයි.
මෙලෙස ජාතික සේවක සංගමයේ මව් සංගමය අකාර්යක්ෂම වී ඇති බවත් ඒ හේතුවෙන් ප්‍රධාන ආයතන රැසක පිහිටුවා ඇති ජාතික සේවක සංගමයට අයත් සෙසු සංවිධාන ද දුර්වල අඩියකට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
අකිලත් කණස්සල්ලෙන්
ජාතික සේවක සංගමයේ සභාපති ධුරය දරන අකිල විරාජ් කාරියවසම් මහතා ද මේ වන විට සක්‍රීයව අදාල කටයුතුවලට මැදිහත් නොවන බවට සාමාජිකයන් ගෙන් චෝදනා එල්ල වනවා.
නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රධාන ලේකම්වරයා සහ ඔහුට හිතවත් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම හේතුවෙන් සභාපතිවරයාටද සිය රාජකාරිය ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
මේ හේතුවෙන් ඔහු ද දැඩි කණස්සල්ලෙන් පසුවන බව ඔවුන් සඳහන් කරනවා.
අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික සේවක සංගමයේ සභාපති ධුරයට පත්වූ අවස්ථාවේ දී වංචා දූෂණ පිටු දැකිය යුතු බව පවසමින් ජාතික සේවක සංගමයට අයත් මරදාන බුහාරි අවන්හල තුළ සිදුව ඇති වංචා දුෂණ රැසක් සම්බන්ධ විමර්ශනයක් සිදුකරනු ලැබූ අතර චෝදනා ලැබූවන් සම්බන්ධයෙන්ද මේ දක්වා කිසිදු නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නම් වාර්තා වන්නේ නැහැ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට