පොරොන්දු ඉටු නොකලොත් තත්වය බරපතල වේවි
ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්රියාත්මක කිරීමට අගමැති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවේදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද (10) පෙරවරුවේ ගුරුසම්ගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබෙනවා.
එම සාකච්ඡාව සඳහා මහින්ද ජයසිංහ, ජෝසප් ස්ටාලින් සහ පුජය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් ඇතුළු ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් එක්වී ඇත.
ඒ අනුව එලඹෙන අය වැයෙන් යෝජිත වැටුප (වැටුප් විෂමතාව යෙන් 1/3 කොටස) එකවර ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එකඟ වී ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් එළඹෙන දොළොස් වැනි දා ආණ්ඩුවට එරෙහිව කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති දැවැන්ත විරෝධතා රැළිය කිසිදු වෙනසකින් තොරව පවත්වන බවත් පොරොන්දු කඩ කළහොත් ආණ්ඩුවට දැඩි විපාක වලට මුහුණදීමට සිදුවනු ඇති බවත් ගුරු වෘත්තිය සමිති නියෝජිතයන් අප සමග පැවසුවා.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් ඇමැති අනුකමිටුවක් හරහා යෝජනා කළ අදාල වැටුප් කොටස ලබාදීමට අයවැයේදී තීරණය කරනු ඇති බවට විශ්වාසය තබාගනිමින් ගුරුවරුන් අඛණ්ඩ විරෝධතා පැවැත්වීම නවතා දමන බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි