ලංකාවේ පරීක්ෂණ ප්‍රතිපල පිළිගන්න බැරිනම් අපි වෙන තැනකින් පරික්ෂා කරමු ප්‍රශ්නයක් නෑ ඔයාල කැමති අපිත් කැමති තැනක් කියන්න ලංකා ආණ්ඩුව චීනයට දැනුම් දෙයි
චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (26) කොළඹ පැවති වැඩසටහනකදී පොහොර තොගය යළි පරීක්ෂා කරන්නැයි, චීනය ඉල්ලීමක් කළේ දැයි, මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි.
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේ, අපේ රටේ විද්‍යාගාරවල සිදු කර ඇති පර්යේෂණ පිළිගත නොකැහි බව අදාළ චීන සමාගම දන්වා සිටි බවයි.
”අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි. ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා අපි කෙලින්ම කිව්වා. ඒක මෙහෙ බාන්නත් එපා. මෙහෙ ගේනන්ත් බෑ කියලා, ඔවුන් ඉල්ලීමක් කළා ලොව පිළිත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ නිසා මේකෙ ප්‍රමිතිය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න කියලා”
ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම නැව මුහුදේ නැංගුරම් ලා ඇති බවට වාර්තා වන කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
”මම තාම මුහුදේ ගියේ නෑ… දැක්කෙ නෑ.. මං දැක්කෙ නෑ..”
මේ අතර කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ද අද (26) උදෑසන පැවසූවේ, හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
කෙසේ වෙතත් පරික්ෂා කරන ලද පොහොර සාම්පල් වල මිනිස් අසුචි වල අඩංගුවන ඊකෝලයි සහ අහිතකර බැක්ටීරියා වර්ග කිහිපයක් අඩංගු බව තහවුරු වුණා.
මේ තත්ත්වය තුළ මෙරට ද කෘෂි සහ රසායන විද්‍යාඥයන් රැසක් අදාළ පොහොර ක්‍රමයට රැගෙන ඒම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම මෙරටට ගොඩ බෑම සිදුකළ හොත් සිදුවන විනාශය කිසි දිනක ආපසු හැරවිය නොහැකි වනු ඇති බවයි.
නමුත් චීන තානාපති කාර්යාලය අත්තනෝමතික ලෙස එම කාරණයට ඇඟිලි ගසමින් කටයුතු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය වර්ෂි දන්දෙණිය මහත්මිය සඳහන් කරන්නේ මෙවැනි කටයුත්තේදී චීන තානාපති කාර්යාලය මැදිහත්වීම කිසි විටෙකත් අනුමත කළ නොහැකි බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි