Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනවරම අවශ්‍ය නෑ : මම ආවේ පරිප්පුවල, හාල් වල ගණන් බලන්න නෙමෙයි : කාබනික පොහොර තීරණයේ වෙනසක් නෑ – ජනාධිපති කියයි

කාබනික පොහොර වැඩේ වගේම වතුරෙන්, සුළඟින් සහ හිරු එළියෙන් බලශක්තිය නිපද විය යුතු බවත් කියයි

රසායනික පොහොර ඉල්ලන අය වකුගඩුවක් ඉල්ලන්න

හොද දේ කරන්නේ අනාගතය වෙනුවෙන්

තමා බලයට පැමිණියේ හාල් පරිප්පු ආදියෙහි ගණන් බැලීමට නොව රට වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමට බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පල කලේ කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ පවත්වාගෙන යන කාබනික පොහොර සහ කාබනික වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමින්.

තමා ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ගොවියන්ට බවත් කාබනික කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම හරහා මිල ඉහළ අස්වනු අලෙවි කිරීමට අවස්ථාව හිමි වනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළා.

විවිධ පුද්ගලයින් ජනතාව නොමග යවමින් අධෛර්යයට පත් කරමින් කටයුතු කරන බවත් කිසිවිටෙක ඒවාට නොරැවටී කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

කාබනික පොහොර වගාව මෙන්ම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව තම අවධානය යොමු වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රට වෙනුවෙන් අවශ්‍ය වැදගත් තීන්දු තීරණ ගැනීමේදී ඡන්ද වැදගත් නොවන බව ද පෙන්වා දුන්නා.

එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නො වන බව ද පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බව ද අවධාරණය කළා.

කාබනික වගාවන් හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් තමා මෙම සංචාරයට එක්වූ බවද ජනාධිපතිවරයා සන්ධාන කිරීම විශේෂත්වයක්.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, යූ.කේ. සුමිත්, සමන්ප්‍රිය හේරත්, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ, උඩුබද්දාව ප්‍රාදේශීය සභා සභාපති රාජ් සිසිර කුමාර සහ බිංගිරිය ප්‍රාදේශීය සභා සභාපති දිමුත් තුෂාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

About The Author