මින් ඉදිරියට ගේන්නේ ෆයිසර් එන්නත් විතරයි
මින් ඉදිරියට දිවයිනට ගෙන එනු ලබන්නේ ෆයිසර් එන්නත පමණක් බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා අනාවරණය කළ බව දිනමිණ වාර්තා කරනවා.
එන්නත් මගින් වංචා සිදු කර ඇති බවට නැඟෙන චෝදනාවලට ඉදිරි දින කිහිපයේදී ජනතාවට සියලු තොරතුරු දැන ගැනීමට හැකි වන බවද පවසන අමාත්‍යවරයා විවිධ කණ්ඩායම් අසත්‍ය තොරතුරු ජනතාව අතර පතුරුවා හැරීමට උත්සහ කළද මෙරට බහුතර ජනතාවකට ලබාදුන් සයිනොෆාම් එන්නත අමෙරිකාව වැනි රටවල් විසින්ද මේ වන විට පිළිගෙන ඇති බවද පෙන්වා දුන්නා.
මේ අතර නිවාඩු දිනයන් හි දී වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් අනුරාධපුර පූජා භූමියේ දී දැක ගැනීමට හැකි වූ බවත් මෙවැනි තත්ත්වයක් උදා වූවොත් යළිත් කොරෝනා වසංගත තත්ත්වයක් උදාවිය හැකි බැවින් කල්පනාකාරීව හැසිරෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබු බව ද සඳහන්.
© මුලාශ්‍රය – දිනමිණ
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි