ජනතාව කොරෝනාවෙන් නොමැරී බේරගත්ත ටිකම මදි දැයි අසයි – ආර්ටික ප්‍රශ්න , භාණ්ඩ හිඟය තාවකාලික ප්‍රශ්න බවත් කියයි
භාණ්ඩ මිල ඉහළ ගියද ආර්ථික අර්බුද ඇති වුවද ජනතාව කොරෝනා වසංගතයෙන් මියයන්න නොදී ආරක්ෂා කර ගැනීම සඳහා රජය අනුගමනය කළ ක්‍රියාකාරකම් සියල්ලටම වඩා වැදගත් බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ගෘහ ආර්ථික සහ පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ ජලජීවී වගා ව්‍යවසායන් ක්‍රියාත්මක කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමින් පසුගියදා (09) කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෙමී තෙමී ගොවීන් ළඟට යෑම සම්බන්ධයෙන් රජයේ මතය කුමක් දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා,
විපක්ෂනායකතුමාට ආබාධයක් තියෙනවා . එතුමා උදේට පෙත්ත ගහපු නැති දවසට ගිහිල්ලා කුඹුරට බහිනවා. පාර්ලිමේන්තුව හිටගන්නවා. ඉතින් ඒක අලුත් දෙයක් නෙමෙයි. මේ රටේ මිනිස්සු මැරෙනවා දකින්න කැමති විපක්ෂ නායකවරයෙක් තමයි සජිත් ප්‍රේමදාස. ඒක අපි පිළිගන්න ඕනා දෙයක්. කුඩේ බිමට බා ගෙන ගිහිල්ලා තෙමෙනවා. මිනිස්සු වෙනුවෙන් තමන් තෙමෙනවා කියලා පෙන්වන්න තමයි ඒවා කරන්නේ. ඒවා නිකං චිත්‍රපටි ජවනිකා විදියට තමයි අපි දකින්නේ. පොහොර ප්රශ්නය ගැන අපි ගොවීන්ට කියනවා කිසිදු අවිශ්වාසයක් තියාගන්න එපා කියලා. පොහොර ප්‍රශ්ණය විසඳීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළට අපි අතගහලා තියෙන්නේ. ඒ වගේම ගොවි මහත්තුරුන්ට කියනවා ගොවිතැන් කරන්න කියලා. ඔවුන්ට ගොවිතැනින් පාඩුවක් සිද්ධ වුනොත් අපේ රජය ඒ පාඩු විඳදරාගෙන වන්දි ගෙවනවා ගොවීන්ට. විපක්ෂය රටේ වෙන මතයක් ගොඩනගන්න හදන්නේ. ඒක නිසා අපි රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් අරන් තියෙනවා. ඒ නිසා අපේ රජය මේ රටේ ගොවි ජනතාවත් එක්ක එකතුවෙලා මේක අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා .
කිරිපිටි හිඟය සහ කිරිපිටි මිල පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා
මේ ඔක්කොම තාවකාලික ප්‍රශ්න. කිරිපිටි තාවකාලික ප්‍රශ්නයක්. සිමෙන්ති තාවකාලික ප්‍රශ්නයක්. ගෑස් තාවකාලික ප්‍රශ්නයක්. මේ කොවිඩ් අර්බුදයට මුහුණ දීලා අපි නොමැරී ජීවත් වුණේ එක ඇති. අපි දන්නවා අපේ ඩොලර් සංචිතය අඩුවුණා. ප්‍රශ්න ඇති වුණා. හැබැයි මේ රජය මිනිස්සුන්ට මැරෙන්න ඉඩ දුන්නේ නැහැ. මේ ඔක්කොම තාවකාලික ප්‍රශ්ණ. මිල පාලනය ඉවත් කරලා තියෙන්නේ. ඉදිරි දවස් කිහිපය තුළ දී ඇති වෙන්න කිරිපිටි එයි. ගෑස් එයි. මේ ප්‍රශ්ණ කොවිඩ් නිසා ඇතිවුන තාවකාලිකව ප්‍රශ්න පමණයි
යනුවෙන් සඳහන් කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි